රණවිරු ප්‍රජාව වෘත්තීය නිපුණතාවයෙන් සවිබල ගැන්වීමට තරුණ සේවා සභාව එක්වේ
දේශිය හා විදේශිය වශයෙන් වෘත්තීය නිපුණතාවයෙන් යුතු රණවිරු තරුණ ප්‍රජාවක් බිහිකිරීම අරමුණු කොට ගෙන රණවිරු සේවා අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කිරීමට අපේක්ෂා කරනු ලබන ජාතික වැඩසටහන් මාලාවක සැලසුම් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභාවේ දී පසුගිය දා පැවැත්වීය.
මෙම සාකච්ඡාවේ දී අ.පො.ස සා/පෙළ සහ අ.පො.ස උ/පෙළ අවසන් වී නිවෙස් ගතව සිටින තරුණ රණවිරු දූ දරුවන් ඇතුළු රණවිරු ඥාතීන්ගේ දැනුම, කුසලතා, ආකල්ප ගොඩනංවාලමින් රට දැයට ඵලදායි පුරවැසියන් බවට පත්කිරිමේ අරමුණ ඇතිව ඉදිරියේදී ඒකාබද්ධ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පහත සඳහන් ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් එකගතාවය පළ කරන ලදී. වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම,නායකත්ව, ආකල්ප සහ මානසික සංවර්ධන වැඩමුළු පැවැත්වීම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, මූල්‍ය පහසුකම් සහ වෙළදපල හදුනාගැනීම සදහා මග පෙන්විම සහ දීප ව්‍යාප්තව තරුණ සේවා සභාව මගින් පවත්වනු ලබන නේවාසික පාඨමාලා සඳහා තෝරා ගැනීමේදී 5% ක ප්‍රතිශතයක් රණවිරු පවුල් වෙත ලබාදීමට එකඟ වන ලදී. විදේශිය වෘත්තීය රැකියා කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ පාඨමාලාවන් සදහා යොමු කිරීමේ දී මෙයට සමගාමීව ජපානයේ රජය මගින් ලබාදෙන රැකියා අවස්ථා සඳහා තරුණ සේවා සභාව වෙත හිමි වන සියයට තුනක ප්‍රතිශතයෙන් 1% ක් රණවිරු ප්‍රජාව වෙත ලබාදීම සඳහා එකඟතාවය පළ කළේය.
තව ද ආර්ථික අභියෝග හමුවේ අනාගත සැලසුම් සහිත නිපුණතාවයන් වර්ධනය වන පාඨමාලා සදහා රණවිරු දූ දරුවන් යොමු කොට ළුලදායි තරුණ ප්‍රජාවක් බිහි කිරිම මෙහි ප්‍රධාන අරමුණක් වේ. ඒ සදහා ජාතික තරුණ සේවා සභාව මගින් දීප ව්‍යාප්තව දිවයින පුරා පවත්වනු ලබන සියළුම පාඨමාලා සඳහා විරුසර කාඩ් පත් හිමි රණවිරුවන් වෙනුවෙන් සියයට 25% ක වට්ටමක් ලබාදීමට ද එකගතාවය පළ කරන ලදී.
එවකට ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ වර්තමාන රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතීන් රණවිරු ප්‍රජාව වෙත දායාද කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් වන ලදී.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්යක්ෂ ජෙනරාල්, ආචාර්ය ටිරාන් ද සිල්වා, රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ පුහුණු රසිත දෙලපොළ යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.