බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට සභාපතිතුමන් එක්වෙයි

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ දිස්ත්‍රික් මට්ටමෙන් රණවිරුවන් වෙත ගොස් ඔවුන්ගේ ගැටළු සොයා බලා ඒ සඳහා එකම ස්ථානයකදී පිළිතුරු සැපයීමේ ජංගම වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන පසුගියදා බදුල්ල මහනගර සභා ශාලාවේදී සාර්ථකව පැවැත්වීය.
Mbr> මෙම විශේෂ ජංගම රණවිරු සුබසාධන වැඩසටහනේදී බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඒවාට විසඳුම් ලබා දීම ද සිදු කරන ලදී.