ජාතික හිමිකම් සංවිධානයෙන් රණවිරු දරුවන්ට අභ්‍යාස පොත්.....

ජාතික හිමිකම් සංවිධානයේ බෙංගමුවේ නාලක හිමි විසින් ඇට්ලස් ආයතනයෙන් ලබා දුන් රු 75,000 ක් වටිනා අභ්‍යාස පොත් රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජාතික හිමිකම් සංවිධානයට අනුබද්ධිත රණවිරු ඥාතී සංසදයේ ලේකම් මානෙල් ජයසිංහ මහත්මියට ලබා දී ඇති අතර, එතුමිය විසින් එම පරිත්‍යාග රණවිරු දරුවන් වෙත ලබා දීමට රණවිරු සේවා අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරි රුසිර ගයාන් මහතා වෙත ප්‍රදානය කර ඇත. 2020 පෙබරවාරි මස 13 වන දින නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම කර්තව්‍ය සිදු විය. එම පරිත්‍යාගය රත්නපුර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද 06ක දිවිපිදූ, අතුරුදන්, ශරීරාංග පුද කළ රණවිරුවන්ගේ දරුවන්ට පොත් කට්ටලය බැගින් ලබා දීමට කටයුතු සිදු කර ඇත. මෙම කර්තව්‍ය ජාතික හිමිකම් සංවිධානය මගින් ඉදිරියටත් කරගෙන යෑමට බලාපොරොත්තු වන බව රණවිරු ඥාතී සංසදයේ ලේකම් මානෙල් විජේසිංහ මහත්මිය වැඩි දුරටත් පවසන ලදී.