බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු දිරි ගැන්වේ

රණවිරු සේවා ක්‍රීඩා සංචිතය නියෝජනය කරන බැඩ්මින්ටන් ක්‍රීඩක රණවිරු කෝප්‍රල් එන්. කේ. සංජීව පෙරේරා හට ශක්ති ජානක පානයක් සහ විටමින් පානයක් ක්‍රීඩා පුහුණු කටයුතු සඳහා ලබාදෙන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් මත ක්‍රීඩකයන් සවිබලගැන්වීමේ පියවරක් වශයෙන් මෙම ශක්ති ජනක පානයක් ලබා දීම ක්‍රීඩා අංශය භාර නිලධාරී මේජර් රනිල් බලගල්ල මහතාගේ අධීක්ෂණයෙන් සිදු කරන ලදී.