සුව ධරණී සෞඛ්‍ය වෛද්‍ය සායනයක් ඉපලෝගම රණවිරු ගම්මානයට

රණවිරු සේවා අධිකාරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන සුව ධරණී සෞඛ්‍ය සේවා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංසද සාමාජිකයින් 150ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් ඉපලෝගම රණවිරු ගම්මානයේ දී පැවැත්වීය.