අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු ගම්මාන සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමක් හා ආබාධිත සහායක උපකරණ බෙදා දීමක්

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම හා ආබාධිත සහායක උපකරණ බෙදා දීමක් රණවිරු සේවා අධිකාරියේ පළාත් හා පුනරුත්ථාපන අංශයේ අංශ ප්‍රධානි, උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, තුෂාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු ප්‍රජාවගේ කායික හා මානසික සුව සහනය වර්ධනය කිරීම උදෙසා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම සහ ආබාධිත සහායක උපකරණ රණවිරුවන් වෙතට ගොස් ඹවුන් වෙත ලබා දීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් මත සිදු කරන ලදී.