රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් රණවිරු සේවා අධිකාරියේ කාර්යාලය විවෘත කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිතුමාගේ ඉල්ලීමකට අනුව උතුරු මැද පළාත් ගරුආණුඩුකාරවර මහීපාල හේරත් මැතිතුමාගේ සෘජු මැදිහත්වීම මත රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නව කාර්යාලය 2020.07.08 වන දින පෙ.ව 09.30ට එළඹුනු සුභ මොහොතින් උතුරු මැද පළාත් ආණුඩුකාරවර ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිංහ මහතාගේ සුරතින් උතුරු මැද පළාත් ආණුඩුකාර කාර්යාලයේදී සිදු කෙරිනි. රටදැය වෙනුවෙන් දිවි පිදු රණවිරු පුතෙක් දැයට දායාද කර පසුව සසුන් ගතවු බදුල්ලේ ධම්මප්‍රීති මෙහෙණින් වහන්සේගේ සෙත් පිරිත් හා ආශිර්වාද මධ්‍යයේ නව කාර්යාලය විවෘත කිරීම විශේෂ සිදුවීමක් විය. රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියොජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා සහ දිස්ත්‍රික් නිලධාරීන් වන සුපුන් මිල්ලවාන ,පොලොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් ප්‍රේමරත්න සහ සොනාලි නානායක්කාර යන මහත්ම මහත්මින් මෙන්ම උතුරු මැද පළාතේ ශරීරාංග පුදකල රණවිරුවන් සහ රණවිරු පවුල් වල සාමාජිකයින් මේ අවස්ථාවට සහභාගි වන ලදි. වඩාත් කාර්යක්ෂමව හා එළදායි ලෙස උතුරු මැද පළාතේ රණවිරුවන්ගේ සුභ සාධක කටයුතු සිදුකිරීම සදහා මෙම නව කාර්යාලය විවෘත කිරීම සිදු කෙරිණි.