ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටලු සාකච්ඡා කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රණවිරුවන් හා දිවිපිදු රණවිරු පවුල් සදහා 2023 වර්ෂයේ ඉදිරි කටයුතු අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡාකිරීමේ සංසද නිලධාරී හමුවක් නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය පරිශ්‍රයේදී පැවැත්වීය.