"හෙළ විරු සුව ධරණි" වෛද්‍ය සායනය මීරිගමට

"හෙළ විරු සුව ධරණී" සුව සායන වෛද්‍ය වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිගම සංසදය ,පොලිස් රණවිරු ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා සාර්ථකව පැවැතවිණි.

ඒ සදහා සම්පත් දායකත්වය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදයේ වෛද්‍යවරුන් විසින් ලබා දෙන ලදී. රණවිරු සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී තමාලි මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රණවිරු සංසද සාමාජිකයන් පිරිසක් සහභාගි විය.