වස විසෙන් තොර ගොවිතැන පිළිබඳව ගලේවෙල රණවිරුවන් හා සංසද සාමාජිකයන් දැනුවත් කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත් රණවිරුවන් හා සංසද සාමාජිකයන් යොදවා ගනිමින් කාබනික පොහොර භාවිතය,ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටවිමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ගලේවෙල දමුණුමුල්ල ප්‍රදේශයේදී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සදහා රණවිරු සංසද සාමාජිකයන් 30දෙනෙකු පමණ සහභාගි විය.
මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ විශේෂ කෘෂි පුහුණු උපදේශක කෝප්රල් සුමිත් කුමාර මහතා හා ගලේවෙල කලාප කෘෂි නිලධාරී චාමර ඒකනායක මහත්මයාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීය.