දේශීය ඖෂධ රුක් රෝපණ වැඩසටහනක් ඉපලෝගම රණවිරු ගම්මානයට
ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ සාමාජිකයන් වෙනුවෙන් දේශීය ආයුර්වේද සෞඛ්‍ය සේවය නගා සිටුවීම, ඖෂධ පැළ ගෙවතු වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරිම හා ඒවා ආර්ථික බෝගයක් ලෙස ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දිවයිනේ රණව්රු ගම්මාන ආශ්‍රිතව ඖෂධ පැල රෝපණය ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ විහාරස්ථානයේ පුජා භූමියේදී සිදු කරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කේ.ජී.එච්.නෙළුම් මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම දේශීය ඖෂධ රුක් රෝපණ වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ පළාත් හා පුනරුත්ථාපන අංශයේ අංශ ප්‍රධානි, උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ, තුෂාර ජයසිංහ මහතා සහ අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවයේ දිස්ත්‍රික් අධ්යක්ෂ ආනන්ද සමරනායක මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වන ලදී.