රණවිරු විජේසිරිට වෛද්‍යධාර, රණවිරු දූ පුතුන්ට පාසැල් උපකරණ

රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික්කභාර නිලධාරි එච් එල් සී ශිරාන් මහතාගේ ඉල්ලීමකට අනුව ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි, රට දැය වෙනුවෙන් මුහමාලේදී තුවාල ලැබූ සෙ/ 407063 විජේසිරි එම් ඒ රණවිරුවාට රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති සහකාර ටුලානි දේවමිත්ත මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකින් සහ රණවිරු සේවා අධිකාරියේ වෛද්‍යාධාර ව්‍යාපෘතිය මගින් වෛද්‍යාධාර ප්‍රදානයක් 2020.07.16 වන දින රණවිරුවාගේ නිවසේදී සිදු කරන ලදී. එසේම කොළඹ පාක් රෝහලේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකාවක් වන එෂාමා කාරියකරවන මහත්මියගේ ධන පරිත්‍යාගයකට අනුව ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිට ජීවිතක්ෂයට පත් වූ රණවිරු 22731 ඊඑස්ටී සම්පත් රණවිරුවාගේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාතර හිත්තැටිය පදිංචි ඊ සචිත් ගිම්හාන පුතුට සහ රට දැය වෙනුවෙන් සිය ශරීරාංග පුද කළ එචි ජී කුලසූරිය රණවිරුවාගේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සූරිය සෙවන, සව්සිරි උයන, ඌරුබොක්ක පදිංචි චතුමි සෙනාල් දියණියට පාසැල් පොත් පත් හා උපකරණ ප්‍රදානයක්ද සිදු කෙරිණ. මේ අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික්භාර නිලධාරි එච් එල් සී ශිරාන් මහතා සහ මේජර් ජී ඩබි ඒ එස් එල් අල්විස් මහතා ඇතුලු කාර්යය මණ්ඩලයේ නිලධාරින් ‍ සහභාගී වන ලදී.