ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වයි
රණවිරු සේවා අධිකාරියේ කාන්තා කාර්ය මණ්ඩලය ඉලක්ක කරමින් කොළඹ මහනගර සභාවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සංවිධානය කරනු ලැබූ සුව නාරි වෛද්‍ය සායනයක් රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේ දී 2023 මාර්තු මස 08 වන දින දී පැවැත්විය.
රණවිරු සේවා අධිකාරියේ උපදේශන හා කාන්තා කටයුතු ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජනායක මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය සහභාගි වන ලදී.