රණවිරු පියෙක්ගෙන් මධ්‍යම පළාත් කාර්යාලයට තිළිණයක්....

ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු 1998.06.26 වන දින රට දැය වෙනුවෙන් මඩකලපුවේ වෙන්කල්අඩි ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දිවි පිදූ සෙ/304020 ප්‍රියන්ත විතාරණ රණවිරුවාගේ පියාණන් විසින් අත්කම් නිර්මාණයක් ලෙස කරන ලද ජාතික කොඩියේ අනුරුවක් රණවිරු සේවා අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය වෙත 2020.07.29 ප්‍රදානය කර ඇත. දශක තුනකට අධික කාලයක් පැවති යුදමය තත්ත්වය පහව ගොස් 11 වසරක් ගත වී ඇති බැවින් ජාතින් අතර සාමය, සෞභාග්‍ය අපේක්ෂාවෙන් මෙම නිර්මාණය සිදු කළ බව ධර්මසේන මහතා පවසන ලදී. ලී හා සිමෙන්ති අමු ද්‍රව්‍ය ආශ්‍රිත විවිධ වූ නිර්මාණ සිදු කරන නිසඟ හැකියාවන්ගෙන් පිරිපුන් රණවිරු පියෙක් වන යටිනුවර රණවිරු සංසදයේ ධර්මසේන මහතාට ඉදිරියේ ද මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි සුභාශිංසන පුද කරන්නෙමු .