සබරගමු පළාතේ රණවිරු පවුල් හමුව

රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති මේජර් ‍ජෙනරල් (විශ්‍රාමික ) නන්දන සේනාධීරගේ මගපෙන්වීම යටතේ 2020.08.25 වන දින කෑගල්ල නගරසභා ශාලාවේදී සබරගමු පළාතේ ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල් සාමාජිකයින් ගේ ගැටළු සම්බන්ධව සාකච්ජා කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර්(විශ්‍රාමික) එස්.පී.වී.එස්.සුභසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ෂණය මත සබරගමු පළාත් ක්ෂේත්‍ර නිළධාරී එම්.බී.එම්.විමලරත්න මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් නිළධාරී සත්සර පතිරාජ මහතාගේ සංවිධානයෙන් පවත්වන ලදි. මෙහිදී රණවිරුවන් මුහුණදෙන ගැටළු සම්බන්ධව සෘජුවම සොයා බලා එම ගැටළු වලට විසදුම් ලබා දීම රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමාගේ මුලික අරමුණ විය. සබරගමු පළාත නියෝජනය කරමින් මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් දෙසීයකට ආසන්න පිරිසක් මේ අවස්ථාවට සහභාගී වු අතර ඔවුන්ගේ ගැටළු සාකච්ජාවට බදුන් විය. එමෙන්ම එම ගැටළුවලට විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමද රණවිරු සේවා අධිකාරිය මගින් සිදු විය. මියගිය රණවිරු පවුල් වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් සොයාගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් එම රණවිරුවන් වත්මන් සභාපති තුමා ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයට සිය හෘදයාංගම ප්‍රශංසාව පිරිනමන ලදි. රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයට අමතරව, යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිත නිළධාරීන්ද , කෑගල්ල දිස්ත්‍රික් රණවිරු සංසද නිළධාරී කාර්ය මණ්ඩලයද, මෙම සත් කාර්ය සවිබල ගැන්වීම සදහා මුලික වී ක්‍රියාකරන ලදි.