රණවිරු දියණියකගේ ක්‍රීඩා කෞශල්‍යය නංවාලීමට අනුග්‍රාහකත්වයක්
පළාත් සහ ජාතික මට්ටමෙන් කරාටේ ක්‍රීඩා ඉසව්වෙන් ජයග්‍රහණ රුසක් හිමිකර ගත් දැනට පොළොන්නරුව ජනාධිපති විද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබන රණවිරු දියණියක වන දුලානි අනන්‍යා සිල්වා දියණියගේ කරාටේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් කරාටේ ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලුම ක්‍රීඩා උපකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දීමට රණවිරු සේවා අධිකාරිය විසින් කටයුතු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් එම දියණියගේ පියා වන රණවිරු බලලත් නිලධාරි 11 චමින්ද ජයලත් සිල්වා හට මෙයට අදාල චෙක්පත ලබාදීම 2023 අප්‍රේල් මස 20 වන දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), ක්‍රීඩා සංචිතය භාර නිලධාරී මේජර් රනිල් බලගල්ල මෙම අවස්ථාව සඳහා සහභාගී විය.