රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පැළඳවීම
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පැළඳවීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් ප්‍රථම රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපතිතුමන් වෙත පළඳවනු ලැබීමත් සමඟ රණවිරු සැමරුම් මාසයේ ඇරඹුම සනිටුහන් කරන ලදී.
දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ. එමගින් දේශයේ උත්තරීතර රණවිරුවන් විසින් තම මව්බිමේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයභාවයත් සුරැකීම උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද උත්තරීතර කැපකිරීම අනුස්මරණය කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී විය.