රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත පළඳවන ලදි.

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත ඊයේ (මැයි 03) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් පළඳවන ලදි. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී විය.