ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය තුමන් වෙත රණවිරු කොඩිය පිළිගන්වයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත පැළදවීම 2023 මැයි මස 08 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ කාර්යාලයේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් සිදු කරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.