විදේශ කටයුතු අමාත්‍යංශයෙන් රණවිරු කොඩියට සම්මාදමක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය වෙත රණවිරු කොඩි පිළිගැන්වීම අද දිනයේ සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩි අලවිය සිදු කරන ලදී.