රත්නපුර මහ රෝහලේදී රණවිරු අනුස්මරණය උදෙසා පිංකමක් සංවිධානය කෙරේ

රණවිරු දිනයට සමගාමීව කහවත්ත රණවිරු සංසදය මගින් සංවිධානය කරන ලද රත්නපුර මහ රෝහලේ මානසික රෝගී වාට්ටුවට හා පිළිකා රෝගී වාට්ටු සඳහා දිවා ආහාර ලබා දීම, බෙහෙත් වර්ග හා වෙනත් අවශ්‍ය ද්‍රව්‍යයන් 2023.05.25 වන දින රත්නපුර මහ රෝහලේදී ප්‍රධානය කරන ලදී.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා ක්‍රියාන්විත රාජකාරීහිදී මියගිය කපිතාන් මේඝවර්ණ එච්.ජී.එම්.කේ. PWV, RSP රණවිරුවාගේ සහෝදරිය, හෙද නිලධාරිනී හේශානි මේඝවර්ණ මහත්මිය සංසද සාමාජිකයින් වෙත විශාල සහයක් ලබාදෙන ලදී.