නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.