රණවිරු සේවා අධිකාරියේ වැඩසටහන් නිලධාරින්ගේ ස්ථිර පත්වීම් ප්‍රදානය
2016.06.22 දින රණවිරු සේවා අධිකාරියට බදවා ගන්නා ලද වැඩසටහන් නිලධාරින්ගේ සහ කළමණාකාර සහකාරවරුන්ගේ පරිවාස කාලය අවසන් වූ පසු ප්‍රදානය කරනු ලබන ස්ථීර පත්වීම් 2020.08.28 වන දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීරගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ පරිශ්‍රය තුළ දී සිදු විය.
වැඩසටහන් නිලධාරින් 13 දෙනෙක් සහ කළමණාකාර සහකාර 01 අයෙකු වෙත අද දින ස්ථිර පත්වීම් ප්‍රදානය කළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දිස්ත්‍රික්ක භාර නිලධාරින් ලෙස පළාත් අට තුළ විසිරි රණවිරුවන්ගේ සුභ සාධන පහසු කරනු පිණිස රාජකාරියේ යෙදී සිටියි. ඔවුන්ගේ රාජකාරි දිවියට අපි සුභ පතමු.