රණවිරු සුභ සාධනයට රණවිරු සේවා අධිකාරියට මූල්‍ය පරිත්‍යාග....
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ඉල්ලීමකට අනුව චීන තානාපති කාර්යාලය මගින් දිවයින පුරා විසිරී සිටින රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 27 මූල්‍ය පරිත්‍යාගයක් ද, හුවාවි ටෙක්නොලජිස් කම්පැනි ලිමිටඩ් ආයතන වෙතින් ලක්ෂ 20 ක මුල්‍ය පරිත්‍යාගයක් ද, ඇමරිකාවේ වෙසෙන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත රණවීර මහතා ලක්ෂ දෙකහමාරක මූල්‍ය පරිත්‍යාගයක් ද, අද දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් තුමා වෙත ප්‍රදානය කරන ලදී.
මේ සඳහා චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිත ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොං මහතා සහ චීන තානාපති කාර්යාලයේ සහකාර ආරක්ෂක නියෝජිත කර්නල් වෑංග් මහතා මෙන්ම, හුවාවි ටෙක්නොලජිස් කම්පැනි ලිමිටඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලියෑන්ග් යී සහ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ රිකාඩෝ යාවෝ මහත්වරුන් සහභාගී විය.