අමානා බැංකුවෙන් රණවිරු සුභසාධනයට අත්වැලක්
අමානා බැංකුවේ නියෝජිතයින් ට රණවිරු කොඩිය පිළිගැන්වීම සහ රණවිරු සුබසාධන ව්‍යාපෘතීන් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමානා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමානා බැංකුවේ බැංකු සහ අලෙවිකරණ නියෝජ්‍ය සභාපති සිද්දික් අක්බාර් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.
අමානා බැංකුව විසින් ක්‍රියාවට නගන දෙමව්පියන් අහිමි දරුවන් සඳහා වයස අවුරුදු 18 වන තෙක් රැක බලා ගැනීම සඳහා ක්‍රියාත්මක මූල්‍ය සවිබලකරනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහනට සඳ හිරුත් දරුවන් සම්බන්ධ කර ගැනීම උදෙසා අවධානය යොමු කලේය.
එමෙන් ම දෙමවුපියන් අහිමි දරුවන් උදෙසා සැලසුම් සහගත මෙම කෘතගුණ පූර්වක සුබසාධන වැඩසටහන ඔස්සේ එම දරුවන්ගේ අනාගත රැකියාවන් සඳහා යොමුවීමට අවශ්‍ය මාර්ගයක් විවර කිරීම සඳහාද අවධානය යොමු කලේය. මෙම විශේෂ මානව සුබසාධන ව්‍යාපෘතීන් සඳහා රණවිරු දරුවන් ඇතුලත් කිරීමට ද එකඟතාවය පළ කරන ලදී.
එමෙන්ම පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා රණවිරු දරුවන්ට දොරටු විවෘත කර දීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට ද මෙහිදී එකඟ විය.