රණක්ෂිතයට පත් රණවිරුවෙකු සඳහා උසස් තත්වයේ ශ්‍රවණාධාර යුගලක් ලබා දෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටිය දී රණක්ෂිතයට පත් මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.එම්.හේරත් (සෙ/550492) රණවිරුවාගේ ශ්‍රවණාබාධිත තත්ත්වය මග හැර ගැනීම සදහා සහාය වන විද්‍යුත් ආරෝපණය කල හැකි බැටරියකින් සමන්විත නවීන තාක්ෂණයෙන් යුත් ශ්‍රවණාධාර යුගලක් ලබා දීම අද දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.
මෙම රණවිරුවාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රවණාබාධිත තත්ත්වය සදහා කඩිනමින් ශ්‍රවණාධාර ලබාදීම සදහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා කටයුතු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), බස්නාහිර පලාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් , පළාත් හා පුනරුත්ථාපන අංශ ප්‍රධානී තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිලධාරීනී නෙත්මි ගයත් ශ්‍රී යන මහත්ම මහත්මීන් මේ අවස්ථාව සදහා සහභාගීවිය.