වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරල් තුමන්ගෙන් රණවිරු කොඩියට දායකත්වයක්
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරල් ආචාර්ය කේ.එම්.ඒ බණ්ඩාර මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම 2023 ජුනි මස 12 වන දින සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.