රණවිරු සේවා අධිකාරියේ ආබාධිත රණවිරුවන්ට අත්වාරු පරිත්‍යාග කිරීම.
කැනඩාවේ පදිංචි වින්ද්‍යා ගුණතිලක මහත්මියගේ පුතණුවන් වන මිනෙත් වීරසිංහගේ 2020 ඔක්තෝම්බර් මස 27 දිනට යෙදෙන උපන්දිනය සහ තවී වීරසිංහ දියණියගේ 2020 ඔක්තෝම්බර් 24 වන දිනට යෙදෙන උපන්දිනය නිමිත්තෙන් 2020.09.07 වන දින රණවිරු සේවා අධිකාරියේ දී යුද්ධයෙදී ආබාධිත වු රණවිරුවන්ගේ පරිහරණය සඳහා රු.109,440 මුදලක වටිනාකමින් යුතු අත්වාරු කට්ටල 18 ක් අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරි සුපුන් මිල්ලවාන මහතා වෙත පරිත්‍යාග කරන ලදි.
මෙම පරිත්‍යාගය විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් ගුණතිලක මහතා සහ වින්ද්‍යා ගුණතිලක, පසන් ගුණතිලත, අමායා වීරසිංහ, එරංග වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු වු අතර උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් අනුරාධපුර දිස්ත්‍රික් නිළධාරී සුපුන් මිල්ලවාන මහතාගේ මෙහෙයවීමෙන් සිදු වු අතර මේ අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමා සහභාගී විය.