එව්මි සේනාධීර මහත්මියගෙන් ශිෂ්‍යාධාරයක්

රණවිරු දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සහායවීම අරමුණු කරගත් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ අධ්‍යාපනය හදාරන ඊෂාදි නවෝද්‍යා ගුණවර්ධන දියණිය හට මසකට රුපියල් 5000 බැගින් වසරක කාලයක් සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි පරිත්‍යාගශීලී එව්මි සේනාධීර විජේරත්න මහත්මිය විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර එම දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා මූල්‍යමය ශක්තියක් ලබාදීම මෙහි අරමුණ වේ.