රේඛා සේනාධීර මහත්මියගෙන් ලැප්ටොප් පරිත්‍යාගයක්

ක්‍රියාන්විත නොවන හේතූන් මත මිය ගිය ඩී.එච් රෝහිත සරත් ද සිල්වා රණවිරුවාගේ සේවය ඇගයීමක් වශයෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආදරණීය බිරිඳ රේඛා සේනාධීර මැතිණියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අවිශ්ක චාමික ද සිල්වා පුතනුවන් හට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේදී අද දින සිදු කෙරිණි.