“ත්‍රිවිධ හමුදා මානවසම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” 2020 වසරේ දෙවන වැඩසටහන රණවිරු කාන්තාවන් 15ක සහභාගීත්වයෙන් පවත්වන ලදී."

රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලද අපනයනය පාදක කර ගත් කෘෂි නිෂ්පාදන නිපදවීම යටතේ මී පැණි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා කඳවුරු තුල මී මැසි ජනපද ස්ථාපිත කර ඒ මඟින් මී පැණි කර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙහි අරමුණු කර ගනිමින් මීමැසි පාලනය පිළිබඳ මුලික පුහුණු පාඨමාලාවක් 2020.06.11 වන දින ශ්‍රී ලංකා කාන්තා බළකා පුහුණු පාසල කළුඅග්ගල හීදි පවත්වන ලදි. මේ සඳහා රණවිරු කාන්තාවන් නියෝජනය කරමින් නිළධාරිනියන් දෙදෙනෙක් හා කාන්තා සෙබළියන් 13 දෙනෙක් සහභාගී විය.