“ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” ආබාධිත රණවිරුවන් කෘෂිකාර්මික ව්‍යාවසායකයින් ලෙස බලගැන්වීම.
රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ආබාධිත රණවිරුවන් සඳහා වු මී මැසි පාලන පුහුණු වැඩසටහන් මාලාවේ පළමු පුහුණු වැඩසටහන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල පුහුණු මධ්‍යාස්ථානය මින්නේරිය හීදි 2020.03.06 වන දින ත්‍රිවිධ හමුදා රණවිරුවන් 31 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
මෙම පුහුණුව අවසානයේ සහභාගි වු ත්‍රිවිධ හමුදා රණවිරුවන් හට මීමැසි පෙට්ටි, දුම් විදින යන්ත්‍ර, මී පැණි නිස්සාරණ උපකරණ බෙදාදීමට ක්‍රියා කරන ලදී.
තවද වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ දායකත්වයෙන් වැඩසටහන සිදුකල අතර එය අවසානයේ අධ්යක්ෂ ( සංවර්ධන) රන්සිළු වටවල මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රධානයන්, පිරිනැමීම් සිදු කෙරුණි.
මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලදී.