ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව 2022 වර්ෂයේ ජංගම රුධිර කඳවුරු වැඩිම ප්‍රමාණයක් සංවිධානය කළ හා වැඩිම රුධිර පරිත්‍යාගයන් ලබාදීම යන විවිධ නිර්ණායකයන් පදනම් කරගනිමින් රණවිරු සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්ක නිලධාරී සහ රණවිරු සංසද සාමාජිකයන් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ දී විශේෂ ඇගයීමකට ලක් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මේ විශේෂ ඇගයීම් අවස්ථාවේදී රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා අතින් රුධිර පරිත්‍යාගශීලින් සඳහා සහතික පත්‍ර හා සමරු තිළිණ ප්රදානය කිරීම ද සිදු විය.