මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු අනුස්මරණ වැඩසටහනක්
මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට සංසදය හා අඹන්ගගකෝරළේ රණවිරු සංසදය විසින් රණවිරැ අනුස්මරණ දිනයට සමගාමීව දිවිපිදූ හා අතුරැදන් රණවිරැවන් සිහිපත් කරමින් රත්තොට රණවිරු ස්මාරකය අබියසදී විශේෂ රණවිරු සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
මේ සදහා රත්තොට ගනේතැන්න විහාරාධිපති පූජ්‍යපාද කුරීවෙල සුමංගල හිමි හා වනමන්දා ආශ්‍රම නිර්මාතෘ පූජ්‍යපාද මාතලේ අනෝමදස්සී හිමියන් මූලිකත්වයෙන් දිවිපිදූ රණවිරුවන් සදහා පිං අනුමෝදන් කිරීම හා ශරීරාංග පූජා කර රණවිරුවන් හා සියලුම සංසද සාමාජිකයන් සදහා ආශිර්වාදාත්මක අධිශ්ඨාන පූජාවක් සිදු කරන ලදි.
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී තනූජා දර්ශනී මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම විශේෂ රණවිරු අනුස්මරණ වැඩසටහන සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ,රත්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයා නියෝජනය කරමින් නිලධාරීන්ද, රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන්ද , සංසද නිලධාරී මණ්ඩලය ඇතුළු සංසද සාමාජිකයන් සම්බන්ධ විය.