කාබනික වගක්රම පිළිබඳ අනුරාධපුර රණවිරුවන් දැනුවත් කෙරේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් සදහා කාබනික භෝග වගාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක්
රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ කෝප්රල් සුමිත් මහතාගේ සම්පත් දායකත්වයෙන් හා ඉපලෝගම කෘෂිකර්ම උපදේශක අයි.ඩී.එම්. මිහිරි මෙනවියගේ සම්පත් දායකත්වයෙන් කැකිරාව රණජයපුර රණවිරු ගම්මානයේ දී තෝරාගත් ගොවීන් පිරිසක් සදහා මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
මෙහිදී කාබනික භෝග වගාව පිළිබඳවත්, භෝග හානියට විසදුම්, හා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳවත් ප්‍රායෝගිකව උපදෙස් ලබා දෙන ලදී.