සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රණවිරු කොඩියට දායකත්වයක්
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ගීතමානී කරුණාරත්න මහත්මිය
වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරිය සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් තුමිය සහ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු අංශ ප්‍රධානීන් හමුවේ විශේෂ දැනුවත් කිරීමක් රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ සහ රාජ්‍ය අංශය වෙත රණවිරු කොඩි අලෙවි කිරීමේ කමිටු ප්‍රධානී චන්දන අබේවර්ධන මහතා විසින් සිදු කලේය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී පාලන හා මානව සම්පත්
ලුතිතන් කර්නල් රොහාන් පෙරේරා, මනෝ සමාජීය අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජණායක, ප්‍රසම්පාදන අංශ ප්‍රධානී වශිකා ජයසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදු කරන ලදී.