රණවිරු සේවා අධිකාරියෙන් සනීපාරක්ෂක හා ඒ ආශ්‍රිත උපකරණ, ඖෂධ ලබාදීම.
දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැදි
සිය ශරීරාංග පුද කළ කලවාන රණවිරු සංසදයේ 4 වන ගැමුණු
හේවාබලඇණියේ පූර්ණ ආබාධිත සෙ/41863 ආර්.කේ. ඒ.ඉන්ද්‍රදාස රණවිරුවාට හා ගලගෙදර රණවිරු සංසදයේ 6 වන ගැමුණු හේවා බලඇණියේ සේවය කල මව්බිමේ නිවහල් භාවය වෙනුවෙන් තම ශරීරාංග පුදකල සෙ/400284 ජගත් බණ්ඩාර රණවිරුවාට සනීපාරක්ෂක ආශ්‍රිත උපකරණ හා ඖෂධ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝහලේ මැදිහත් වීම මත ගෙන්වාගෙන මෙම රණවිරුවන් වෙත ලබාදෙන ලදී.