කළුතර දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 723 ක්
2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2023 ජූලි මස 25 වන දින පවත්වන ලදී.
මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා කළුතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි විය. සාම්ප්‍රදායානූකූලව ආගම සිහිකිරීමෙන් අනතුරුව රණවිරු පාඨය ප්‍රකාශයට පත් කරමින් රණවිරු අනුස්මරණය සිදු කිරීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී සුසීමා වයිමන් මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සහ මෙම වැඩ සටහනේ අරමුණ පැහැදිලි කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් රුස්ව සිටි රණවිරු ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේ 2023 වර්ෂය තුළ පමණක් කළුතර දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 723 කට ආසන්න මුදලක් රණවිරු සේවා අධිකාරිය මගින් වැය කර ඇති බවයි. මෙවැනි ව්‍යාපෘතීන් අනාගතයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන අතර රණවිරු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් විශේෂ ශිෂ්‍යත්ව ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව ද එතුමන් ප්‍රකාශ කර සිටියේය.
කළුතර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් මෙම අවස්ථාව සහභාගී වූ අතර සංසද නිලධාරී සහ සාමාජික ගැටළු සාකච්ඡාවට භාජනය කරමින් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටළු සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජංගම සේවා කඳවුරක් පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, අංශ ප්‍රධානීන්, යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජිතයකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම ජංගම වැඩසටහන සඳහා සහභාගී විය.