“ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා පුහුණුවීම් වැඩසටහනක් ගෝනවිල දී.....
රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත රණවිරු මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා යොදා ගැනීමේ වැඩසටහනට අදාලව කාබනික පොහොර නිෂ්පාදන කාර්යය සඳහා රණවිරුවන් යොදාගැනීමේ වැඩපිළිවල යටතේ මූලික පියවරක් ලෙස විශ්‍රාමික, විශ්‍රාම පූර්ව හා ක්‍රියාන්විත රාජකාරියේදි ආබාධිත තත්වයට පත් ත්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන්, මෙම පුහුණුවීම් කටයුතු තිරසාර කෘෂිකර්ම පර්යේෂන හා සංවර්ධන මධස්ථානය, මාකඳුර, ගෝනවිල හීදි 2020 අගෝස්තු 27 වන දින පවත්වන ලදි.
මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලදී.