ඇමරිකාවේ නිෂ්පාදිත LN4 වර්ගයේ නවීන තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම අත් රණවිරුවන් වෙත ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සුබසාධනයේ තවත් ඓතිහාසික පිටුවකට එක්වේ..
ශ්‍රී ලංකා යුද හමුදාවේ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව එලුවන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 2008 මාර්තු මස 05 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු බනි 11 ඕ.පී. රංජිත් සිරිවර්ධන වෙත LN4 වර්ගයේ කෘත්‍රිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදු කලේය.
මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමට මත LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා සහභාගී වන ලදී.
මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ක්‍රියාන්විත හේතූන් මත මැණික් කටුව අසලින් එක් අතක් අහිමි වූ රණවිරුවන් සදහා කෘත්‍රිම අත් සකසා දී තිබුණද එම කෘත්‍රිම අත භාවිතයෙන් යමක් සිදුකර ගත නොහැකි අතර එය හුදෙක්ම අතක පෙනුම ලබාගැනීම සදහා භාවිතා කරනු ලබන ආදේශකයක් වශයෙන් පමණක් භාවිතා කරන ලදී.
ඇමරිකාවේ නිෂ්පාදිත LN4 වර්ගයේ නවීන තාක්ෂණයෙන් යුත් මෙම කෘත්‍රිම අත අනෙක් අතෙහි ආධාරයෙන් ක්‍රියා කළ හැකිය . මෙම LN4 වර්ගයේ කෘත්‍රිම අතෙහි ඇගිලි අනෙක් අතෙහි ආධාරයෙන් දිග ඇරීමට හැකිය. ඒ අනුව මෙම කෘත්‍රිම අත මගින් යමක් අල්ලා ගැනීමට ,රඳවා ගැනීමට සහ ලිවීමට ආදී කටයුතු ස්වාධීන ලෙස කර ගැනීමට හැකියාවක් ඇත. මෙම කෘත්‍රිම අත බරින් ඉතාම අඩු අතර මිනුම් ලබා ගැනීමකින් තොරව අත සදහා පැලදිය හැකි ලෙස නිර්මාණය කර ඇති හෙයින් භාවිතය ඉතාම පහසුවේ. වර්තමානයේ පවතින සාම්ප්‍රදායික පුනරුත්ථාපන ක්‍රමවේදය මගින් ලබාදෙන කෘත්‍රිම අත් වෙනුවට නව තාක්ෂණයෙන් යාවත්කාලීන වුණු ආබාධිත සහයක උපකරණ ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම කෘත්‍රීම අත් ලබාදීම සැලකිය හැකිය.
උපතින් දකුණත භාවිතා කරන්නෙකු වූ රණවිරු ඕ.පී. රංජිත් සිරිවර්ධන මහතා වර්ෂ 2008 දී තම අත අහිමි වීමෙන් අනතුරුව වම් අතින් සියලුම වැඩ කටයුතු කිරීම සඳහා ස්වෝත්සාහයෙන් පුරුදු පුහුණු වී ඇත.
යුද්ධයෙන් ආබාධිතතාව තරුණ වියේ දීම සමාජගත වූ රංජිත් රණවිරුවා තමන්ගේ සියලුම කටයුතු මෙන්ම අකුරු ලිවීමේ කටයුතු ද තමන්ට නුහුරු වමතින් සිදු කිරීමට පුරුදු වී ඇත.
මෙම වීරෝදාර රණවිරුවා වසර 15කට පමණ පසුව නැවතත් මෙම කෘත්‍රීම අත භාවිතයෙන් දකුණු අතින් ලියැවුණු ප්‍රථම අත් අකුර වශයෙන් තම නම පුංචි කඩදාසි කොළයක රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඉදිරියේදීම සටහන් කරන ලදී.
වසර 23ක රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, උසස් ප්‍රමිතියෙන් යුත් මෙවැනිම කෘත්‍රීම අත් අවශ්‍ය රණවිරුවන් වෙනුවෙන් ඉදිරියේ දීත් නොමිලේ ලබාදෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ඉතා සමීප මිතුරෙකු වන LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති මොහාමඩ් සමූන් මහතා මෙහිදී සදහන් කරන ලදී.
ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින සමස්ත රණවිරු ප්‍රජාවේ කාලීන අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගත් යුද්ධයේ දී රණක්ෂිතයටපත්ව ජාතියේ පිනට තම ජීවිතය බේරුණු වර්තමාන සභාපතිතුමා විසින් රණවිරු ප්‍රජාව උදෙසා සිදුකරන කාර්යභාරයට ගරු කිරීමක් වශයෙන් මෙවැනි පරිත්‍යාගයන් සිදුකිරීමට ඉදිරියේ දීත් කටයුතු කිරීම සතුටට කාරණයක් බව LN4 කෘත්‍රිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඔබ අප සියලු දෙනා අද බුක්ති විදින නිදහස දිනාගැනීම උදෙසා පෙරට එමින් සිය ශරීරාංග කැපකළ මෙවැනි උතුම් විරෝධාර රණවිරුවන්ගේ ජීවයට සවියක් වන්නට, මුවගට සිනහවක් ගෙනෙන්නට, ජීවිතය සවිබල ගන්වන්නට රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධ වෙන මෙන් ඉතා ගෞරව පුර්වකව ඉල්ලා සිටිමු.