අනුරාධපුර රණජයපුර රණවිරු ගම්මානයේ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
අනුරාධපුර රණජයපුර රණවිරු ගම්මානයේ රණවිරු දරුවන් උදෙසා ළමා සමාජයක් පිහිටුවා ඇති අතර, එම දරුවන් හා පාසලේ අනෙකුත් රණවිරු දරුවනුත් සම්බන්ධ කරගනිමින් ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා රණජයපුර මහා විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර ඒ.ඩී ආශා ගීතානි මහත්මිය වන අතර උපදේශන සහකාර නිමේෂා රංගනී රාජපක්ෂ මහත්මිය, විදේශ රැකියා සංවර්ධන නිලධාරී ඒ.පී.අබේරත්න මහතා ද මීට සම්බන්ධ වී සිටියහ.
මෙම වැඩසටහන පැවැත්වීම හා සංග්‍රහ කටයුතු ලබා දීම ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානයේ සුභ සාධක සංසඳයේ නිලධාරි මහත්ම මහත්මීන්ගෙන් සිදු විය.