“ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ” මී පැණි කර්මාන්තය ව්‍යාප්ත කිරීම හා ව්‍යවසායකයින් පුහුණු කිරීම
රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදා මානව සම්පත දැයේ සංවර්ධන කාර්යය සඳහා දායක කර ගැනීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන්, මී පැණි කර්මාන්තය ව්‍යාප්ත කිරීම හා ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා කීට විද්‍යාවට අනුකූලව ප්රවීනතා පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවක් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් විසිහත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2020 අගොස්තු මස 12,13 හා 14 යන තෙදින තුල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය බිදුණු වැව, බණ්ඩාරවෙල හීදී සාර්ථකව පැවැත්වූ අතර එහි සුභ සාධන අනුග්‍රාහය වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති භාර නිලධාරී ලුතිනන් කර්නල් හේමන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිදු කරන ලදී.