2023 වසරේ රණවිරු සේවා අධිකාරියේ අර්ධ වාර්ෂික ප්‍රගතිය සමාලෝචනය කෙරේ
2023 වසරේ පළමු මාස හයක රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2023 අගෝස්තු මස 16 වැනිදා රණවිරු සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරිය විසින් රණවිරු සුබසාධනය සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමෙන් රණවිරු ගැටලු අධ්‍යයනය කිරීම සහ කාර්ය මණ්ඩලයේ පරිපාලන ගැටලු අධ්‍යයනය කිරීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
එමෙන්ම, ඉදිරි අඩ වසරේ රණවිරු සුබසාධනයට අදාළව සිදුකළ යුතු ක්‍රියාකාරකම් මෙන්ම රණවිරු සේවා අධිකාරියේ ඉදිරි සැලසුම් සාකච්ඡාවට භාජනය කිරීමද මෙහිදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා කළමණාකරණ මණ්ඩල සභික කණිෂ්ක ද සිල්වා මහතා, අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම්, බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ සහ පළාත් භාර නියෝජ්‍ය අධ්යක්ෂ මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් නිළධාරීන් හා අංශ ප්‍රධානීන් නිත්‍ය කාර්ය මණ්ඩලයේ අංශ භාර නිළධාරීන් ද සහභාගී විය.