මහර සංසදය සුහද හමුවක් සංවිධානය කරයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ,මහර රණවිරු සංසදය විසින් රණවිරු සුහද හමුවක් 2023.08.27 දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී.
එම වැඩසටහන ආරම්භයේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර පුද කිරිම සිදු විය.ඉන් අනතුරුව රණවිරු පවුල්වල සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යුතුව අන්‍යෝන්‍ය සුහදත්වය වැඩි දියුණු කරන ක්‍රීඩාවල නිරත වූහ.
රණවිරු බිරිඳක් වන කුරේ මහත්මියගේ සහය ඇතිව දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනිය විසින් විශේෂ සංගීත වැඩසටහනක් පවත්වන ලදී.