ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023 අගෝස්තු මස 31 වන දින ගාල්ල බූස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැවැත්වීය.
ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරු සංසද නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේ දී ඔවුන්ගේ ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.
විද්‍යාත්මකව කරන ලද මනා ඇගයීමකින් පසුව වත්මන් සභාපතිතුමන්ගේ ධූර කාලය තුළදී රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලද සුභසාධන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව සභාපතිතුමා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් දැනුවත් කරන ලදී.
හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ මහතාගේ සංවිධානයෙන් පැවති මෙම අවස්ථාවට රණවිරු පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ජංගම වැඩසටහනට සහභාගි විය.