වයඹ පළාත් රණවිරු හමුව

මව්බිමේ ස්‍වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ශරීරාංග පුදකල විරෝධාර රණවිරුවන් සහ මියගිය රණවිරු පවුල් වල සාමාජිකයින් හමුවී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරදීම සදහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ( විශ්‍රාමික ) නන්දන සේනාධීර මහතාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2020.09.08 වන දින කුරුණෑගල බෝයගනේ යුධහමුදා කදවුරේ රණවිරු හමුවක් පවත්වන ලදි. රණවිරු සේවා අධිකාරියේ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතාගේ අධික්ෂණයෙන් දිස්ත්‍රික් නිළධාරීනි මනෝරි කුමාරිහාමි මහත්මිය සහ වයඹ රණවිරු සංසදය මගින් මෙම රණවිරු හමුව සංවිධානය කරන ලදී. අතිගරු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රණවිරුවන් මුහණ දෙන ගැටළු සෟජුවම සොයා බලා එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රණවිරු සේවා අධිකාරියේ විවිධ අංශ නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වු කාර්ය මණ්ඩලය වෙත යොමු කල අතර මෙවන් අවස්ථාවක් උදාකර දීම සම්බන්ධව රණවිරු පවුල් වල සාමාජිකයින් රණවිරු සේවා අධිකාරියට සිය හෘදයාංගම ස්තුතිය පුදකරන ලදී. මේ අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමා, අධ්‍යක්ෂ බ්‍රිග්‍රේඩියර් ( විශ්‍රාමික ) සුභසිංහ මහතාද, සහභාගී වු අතර මෙම වැඩමුළුවේදී මුදල් කළමණාකරණය පිළිබදව විශේෂ දේශණයක්ද ලංකා ඔරික්ස් ලීසිං ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ලෙස කටයුතු කරන හසිත තිලකරත්න මහතා විසින් සිදු කරන ලදි.