2023 වසරේදී පමණක් ලක්ෂ 600ක් වටිනා නිවාස ණය රණවිරු පවුල් 85ට
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක විශේෂ සහන නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක 20 ක විසිරී සිටින රණවිරු පවුල් 85 ක් සඳහා රුපියල් ලක්ෂ 600 ක් වටිනා නිවාස ණය 2023 වසරේදී තුළදී රණවිරු පවුල් වෙනුවෙන් ලබාදීමට කටයුතු කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සහ තම නිවස සම්පූර්ණ කරගෙන නොමැති රණවිරුවන්ගේ සහ ළඟම ඥාතීන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම කරනු ලබයි.
2023 වර්ෂය අවසන් වන්නට මත්තෙන් මෙම වසර සඳහා සකසන ලද ඉලක්කයන් මුදුන් පත්කර ගැනීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය සමත් වී ඇත. ඒ අනුව රු.44,700,000.00 ක් වටිනා සහන නිවාස ණය රණවිරු පවුල් 72 ට ලබා දීමට රණවිරු සේවා අධිකාරිය මේ වන විට කටයුතු කර තිබේ.
ව්‍යාපෘතිය භාර නිළධාරිනි සහ නිවාස අංශය භාර වැඩසටහන් නිලධාරීනී වශයෙන් කටයුතු කරන චම්පිකා ගුණසේකර මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මොණරාගල, කෑගල්ල, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රණවිරුවන් 72 කු තෝරා ගනිමින් මෙම ව්‍යාපෘතියට අදාල ණය මුදල් ලබා දීම මේ වන විටත් සිදු කර ඇත.
මෙම සහන නිවාස ණය මුදල උපරිමය රුපියල් ලක්ෂ 7 කට යටත්ව සියයට පහක (5) සහනදායී පොලී අනුපාතයක් යටතේ වයස 55 දක්වා වසර 4 ක කාල සීමාවකදී වාරික වශයෙන් කැපී යන පරිදි රණවිරුවන් හට සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත හිමි ගන්වනු ලබයි.
දිවයින පුරා විසිරී සිටින දිස්ත්‍රික් නිලධාරීන් සහ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශයෙන් පසුව රණවිරු සේවා අධිකාරියේ නිවාස ණය ව්‍යාපෘති අංශය විසින් සිදු කරන මනා ඇගයීමකින් පසුව මෙම ණය මුදල රණවිරුවන් සඳහා ලබා දීමට කටයුතු කරයි.