තමන්කඩුව රණවිරුවකුගේ සුවදුක් විමසයි

තමන්කඩුව රණවිරු සංසදයේ M.M අනුරසිරි රණවිරුවාගේ නිවස වෙත ගොස් ඔහුගේ සුවදුක් සොයා බැලීමට පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීතුමන් ඇතුළු තමන්කඩුව රණවිරු සංසදයේ පිරිසක් කටයුතු කරන ලදී.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී පාදයක් අහිමි වූ රණවිරුවකු වන M.M අනුරසිරි රණවිරුවා දැනට කොඳු ඇට පෙළ ආශ්‍රිතව හටගෙන තිබෙන පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් නිවෙස් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.