2013 වසරේ සිට නොවිසදුනු කාර්ය මණ්ඩලයේ පාලන ගැටළු විසඳීමට සභාපතිතුමන් කටයුතු කරයි
කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30 ප්රතිපදාන යන් අනුව රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියේ තනතුරු සඳහා අන්තර්ගහනය කිරීමේ සහ එම පත්වීම් ලිපි ඔවුන් වෙත ප්රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (7, බ්‍රහස්පතින්දා) ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.
ඉතා දීර්ඝ කාලයක් රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධව රාජකාරි කරනු ලබන ස්ථිර කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් මුහුණ පා සිටින තනතුරු උසස්වීම්, ස්ථිර කිරීම් සහ ඒ හා බැඳුණු පාලන ගැටලු විසඳීමට රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් පහුගිය කාලය පුරාවටම උත්සාහ කරන ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් 2013 වසරේ සිට නොවිසිදුනු ප්‍රධානතම පාලන ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීමට එතුමන්ගේ කාර්ය මණ්ඩලය මේ වනවිට සමත්වී ඇත.
එම අන්තර් ග්‍රහණය කිරීමේ පත්කිරීම් ලිපි ලබාදීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිතුමන් ප්‍රකාශ කළේ තනතුරු සහ වගකීම් වැඩිවන අවස්ථාවලදී තම ජේෂ්ඨත්වයට ගැලපෙන පරිදි වගකීම් සහිතව තම රාජකාරිය ඉටු කළ යුතු බවයි. අනුන්ගේ වැරදි දකිනවට වඩා තමන්ගෙන් සිදුවිය යුතු සේවය මැනවින් සිදු කිරීම තුළ ආයතනයක් වශයෙන් සංවර්ධනය වීමටත් පුද්ගලිකව ජීවිතයට සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් හැකිවන බව එතුමන් පෙන්වා දෙන ලදී.
මෙම විශේෂ වැඩසටහනේදි ව්‍යාපෘති සහකාර තනතුරේ රාජකාරි කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකාවන් තිදෙනෙකු ව්‍යාපෘති සහකාර දෙවන ශ්‍රේණිය සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම සිදු කෙරිණි.
එමෙන්ම මහජන සම්බන්ධතා සහකාර තනතුරේ රාජකාරි කරන ලද නිලධාරිනියක කලමනාකාර සහකාර පළවෙනි ශ්‍රේණිය වෙත අන්තර්ග්‍රහණය කිරීම සිදුවිය.
පරිගණක සහකාර තනතුරේ සේවය කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකාවන් දෙදෙනකු කළමනාකරණ සහකාර දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණීන් සඳහා අන්තර්ග්‍රහණය කිරීම ද සිදුවිය.
මෙම වැඩ සටහනේ විශේෂත්වය වනුයේ වසර ගණනාවක් රියදුරු සේවයේ නියුතු රියදුරන් තිදෙනෙකු "A" ශ්‍රේණියේ තුන්වන පන්තිය දක්වා උසස් කිරීමයි.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලුතිතන් කර්නල් අනුර බණ්ඩාර, පරිපාලන නිලධාරි ජයාන් තිලකරත්න සහ කළමණකරණ සහකාර තනූජා ධනුෂ්කි පෙරේරා මෙම අවස්ථාවට සහභාගි විය.
තනතුරු සඳහා අන්තර්ගහනය කරන ලද මහත්ම මහත්මීන්ගේ නාම ලේඛනය පහත සඳහන් පරිදි වේ.
එල්.සී.ඩී.එස්. ගුණසේකර
එම්.ජී.එස්.ප්‍රියදර්ශනි ප්‍රනාන්දු
ඩබ්.කේ.බී.එන්.ඩී ප්‍රනාන්දු
ඩී.එල්.එම්.චතුරානි
එම්.ඒ.සී.ගීතානි
එම්. විනිතා
ජේ.ඒ.එන්.එස් මැන්ඩිස්
ඊ.වසන්ත කුමාර
ඩී.ඒ.සී.එස්.බී. දසනායක