රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාතේ දිස්ත්‍රික් රණවිරු කමිටුව.

රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාතේ දිස්ත්‍රික් රණවිරු කමිටු රැස්වීම 2020.09.08 දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දකුණ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්තසිරි මහතා හා දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී ජේ.පී. චාලක නුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංසද නිලධාරීන් හා එක්ව පැවැත්වීය. මෙහිදී මව්බිමේ ස්වෛරීභාවය වෙනුවෙන් මියගිය හා තම ශරීරාංග පුදකල දකුණු පළාතේ රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිරි සැලසුම් සාකච්ඡාවට ලක් කල අතර ඉදිරියේදී ඒ වෙනුවෙන් ඇපකැප වී ක්‍රියාකරන ලෙසට නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා විසින් නිළධාරීන් දැනුවත් කරන ලදි.